මෙම සේවාව මුලින්ම බ්‍රසීලයේ දියත් කර ඇති අතර මේ සඳහා නැගී එන වෙළඳපල වල පණිවිඩකරණ යෙදවුමේ (messaging apps) ඇති ජනප්‍රියතාව උපයෝගී කරගෙන තිබෙනවා. WhatsApp හි මවු සමාගම වන Facebook විසින් තම සමාජ මාධ්‍ය වේදිකාවන් (platforms) ඊ – වාණිජ්‍යකරණය (e-commerce) කිරීමට සැලසුම් කර මෙම දියත් කිරීම සිදුකර ඇත.
මෙම සේවාව WhatsApp Pay යන නමින් දියත් කර ඇති අතර පරිශීලකයින්ට නොමිලේ එකිනෙකාට මුදල් යැවීමට හෝ කුඩා පරිමාන ව්‍යාපාර වලින් මුදල් ලබා ගැනීමේ පහසුකම ලබා දෙයි. එළඹෙන ජනවාරි මාසයේදී ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින් ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මෙක්සිකෝව යන රටවලට මෙම සේවාව ලබා දීමට සැලසුම් කර තිබේ.
මෙම දියත් කිරීම Facebook හි සියලුම වේදිකා (platforms) හරහා පුළුල් ඩිජිටල් ගෙවීමේ ක්‍රමෝපායක කොටසක් බව WhatsApp සිය බ්ලොග් අඩවියේ අවධාරණය කළේය. එමෙන්ම Facebook ගෙවීම් මගින් WhatsApp හි ගෙවීම් සක්‍රීය කර ඇති හෙයින්, අනාගතයේදී Facebook යෙදවුම් පවුල (Facebook’s family of apps) පුරා එකම කාඩ්පත් තොරතුරු භාවිතා කිරීමට මිනිසුන්ට සහ ව්‍යාපාරවලට අවස්ථාව ලැබේ. පුද්ගලයින් අතර ගෙවීම් නොමිලේ වන අතර කුඩා ව්‍යාපාරවලට පාරිභෝගික ගෙවීම් ලබා ගැනීම සඳහා සැකසුම් ගාස්තුවක් ගෙවීමට සිදුවන බවද තවදුරටත් බ්ලොග් අඩවිය සඳහන් කරයි.
Facebook සමාගම විසින් 2014 දී ඩොලර් බිලියන 20 කට WhatsApp මිලදී ගෙන තිබෙනවා. පෙබරවාරි මාසයේදී පණිවුඩකරණ සේවාව පැවසුවේ ලොව පුරා බිලියන 2 කට වඩා භාවිතා කරන්නන් සිටින බවයි.