කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් මේ වන විට චීනයේ බීජිං නුවර ආශ්‍රිත ප්‍රදේශ ගණනවක ආරම්භ වී තිබෙනවා. වෛරස් රෝගීන්ගේ වැඩිවීම අඛණ්ඩව සිදුවන බැවින් බීජිං හි මිලියන සංඛ්‍යාත ජනතාවක් නව සීමාවන් යටතේ නැවතත් ජිවත් වීමට සිදුව තිබෙනවා.
මෙම වෛරසය යලි හිස ඔසවා තිබෙන්නේ නගරයේ මස් හා එළවළු වලින් 80% ක් සපයන දැවැන්ත ෂින්ෆන්ඩි ආහාර වෙළඳපොලේදී බව වාර්තා වෙනවා. ෂින්ෆන්ඩි වෙළඳපොලේ ආනයනික සැමන් සඳහා භාවිතා කරන පුවරු කපන විට මෙම වෛරසය සොයා ගත් බව ප්‍රාදේශීය මාධ්‍ය පවසන අතර මේ වන විට වෙළඳපොළේ සාමාන්‍යාධිකාරීවරයා සහ අනෙකුත් ප්‍රාදේශීය නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අනුව අවම වශයෙන් අසල්වැසි 27 ක් මධ්‍යම අවදානම් ලෙස වර්ග කර ඇති අතර වෙළඳපොළ අසල එක් අසල්වැසි ප්‍රදේශයක් ඉහළ අවදානමක් ඇති ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා.
මේ අතර ගුවන් ගමන් ගණනාවක් අවලංගු කර ඇති අතර අවම වශයෙන් ජූලි 9 වන තෙක් දුම්රිය සේවා ද අඩු කර තිබෙනවා. සියලු පාසල් මේ වන විට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන අතර ජනතාව ඒකරාශී විය හැකි අවස්ථා තහනම් කර තිබෙනවා.