හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඔක්තෝබර් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරි බවට ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල කර තිබේ.
මෙම පැමිණිල්ල අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළ මූලික විමර්ශන කටයුතු අවසන් වී ඇති බව දැනුම් දී ඇත.
ඒ අනුව පැමිණිල්ල ඔක්තෝබර් මස 23 වනදා නැවත කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු මේ වන විට මහාධිකරණයේ නියෝග මත ඇප මත මුදාහැර තිබේ.