News Line| Off Air
Generic placeholder image

Jun
17

සිරියානු ජනාධිපති Bashar al-Assad ගේ මාමාට වසර 4 ක සිර දඬුවමක් නියම වෙයි

668 Views


සිරියානු ජනාධිපති Bashar al-Assad ගේ මාමාට වසර 4 ක සිර දඬුවමක් නියම වෙයි

මෙසේ Rifaat al-Assad ට ප්‍රංශ අධිකරණයෙන් ඉදිරිපත් වූ චෝදනාව වනුයේ ප්‍රංශ දේපල ඉදිකිරීමක් සඳහා මුදල් විශුද්ධිකරණය කිරීමයි. මොහු 1984 වසරේ සිය සහෝදර හෆීස්ගෙන් බලය අත්පත් කර ගැනීමට අසාර්ථක උත්සාහයක් දැරූ බැවින් ඔහු පිටුවහල්ව සිටියි. එමෙන්ම ඔහුගේ මූල්‍ය කටයුතු පිළිබඳ විමර්ශනයකට ඔහුගේ දේශපාලන අතීතය අදාල නොවන බව ඔහුගේ නීතීඥයින් විසින් ප්‍රකාශ කර සිටිනවා.

නමුත් ප්‍රංශ අධිකරණ බලධාරීන් 1984 සහ 2016 අතර සංවිධානාත්මක මුදල් විශුද්ධිකරණය, දරුණු බදු වංචා සහ සිරියානු රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කර සිදු කල විමර්ශනයෙන් මෙසේ ඔහුට සිර දඬුවම් නියම වී තිබෙනවා. නඩු විභාගය පසුගිය වසරේ දෙසැම්බර් 9 වන දින ආරම්භ විය. සෞදි රාජකීය පවුල විසින් ඔහුට තෑගි ලබා දුන් බව පවසමින් අසාද් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

වාර්තා වූ අයුරින් පැරිස් අග නගරයේ නාගරික නිවාස 2 ක්, ස්ටුඩ් ගොවිපලක්, චැටෝවක් සහ ලියොන්හි වර්ග මීටර් 7,300 ක කාර්යාල ඉඩ ප්‍රමාණයක් ඇතුළත් වේ මොහුගේ යත දේපල ලෙස හඳුනා ගෙන ඇත. සුඛෝපභෝගී දේපළ කිහිපයක් දැනටමත් ප්‍රංශ බලධාරීන් විසින් අත්පත් කර ගෙන තිබේ. එමෙන්ම ඔහුට සහ ඔහුගේ පවුලට යුරෝ මිලියන 695 ක් වටිනා දේපල කොටස් 507 කට හිමිකම් කියන බවද සොයාගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post