ඉකුත් වසරේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිර වී තිබු නැව වරාය අධිකාරිය විසින් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේද වනජීවි දෙපාර්තමේන්තුවේද නිර්දේශයන්ට යටත්ව කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
නැවේ තිබු තෙල් මුහුදට එකතු වීම තුලින් පරිසරයට වන හානිය වැලැක්වීම පිණිස සමුද්‍ර පරිසර දූෂණ වැළැක්විමේ අධිකාරියේ අධීක්ෂණය යටතේ නැවේ තිබු තෙල් ටොන් 22ක් මිට පෙර ඉවත කරුණු ලැබුවා. ඉන් අනතුරුව මෙම නැව වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා බාරයට ගත් අතර ඒ අනුව පුද්ගලික සමාගමක් විසින් නැව පරණ යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.