පසුගිය සඳුදා දින ලඩාක් දේශසීමාවේ ඇති වූ ගැටුම වසර 45 කට පසුව ඉන්දීය හමුදා සහ චීන හමුදා අතර සිදු වූ පළමු ගැටුම වේ. අවසාන වශයෙන් 1962 දී ඉන්දියාව චීනය හමුවේ නින්දිත පරාජයක් ලැබූ පසුව දෙරට අතර ඇති වී ඇත්තේ එක් එක සටනක් පමණකි.
මෙම ගැටුමට හේතු වී ඇති ලඩාක් දේශසීමාව (LAC) දුර්වල ලෙස සලකුණු කර ඇති අතර ගංගා, විල් සහ හිම කඳු තිබීම නිසා රේඛාව වෙනස් වීමට භාජනය වේ. එපමණක් නොව ලෝකයේ විශාලතම හමුදාවන් දෙකක් මෙම සීමාවේ මුහුණට මුහුණලා සිටී. ලඩාක්හි ගැල්වාන් නිම්නයට හමුදා දහස් ගණනක් යවා ඇති බවට ඉන්දියාව චීනයට චෝදනා කර ඇති අතර චීනය සිය භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 38,000 ක් (වර්ග සැතපුම් 14,700) අල්ලාගෙන සිටින බවද පවසනවා.
යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් LAC හි වඩාත් අවදානමට හා දුරස්තකරණයට ලක්වී ඇති ප්‍රදේශයක් හරහා ඉන්දියාව නව මාර්ගයක් ඉදිකර තිබේ. මෙම තීරණයට චීනය දැඩි ලෙස කෝපයට පත් වී ඇති බවද ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා. කෙසේ නමුත් මේ වනතුරු දේශසීමාවේ කිසිදු වෙඩි තැබීමක් සිදුවී නැති අතර සඳුදා දින ගැටුමද ගල් මුල් ප්‍රහාර මගින් සිදු කර තිබෙන බවයි ප්‍රකාශ වන්නේ.
ඉන්දීය හමුදාවේ සොල්දාදුවන් 20 ක් මරණයට පත්ව ඇති බව ප්‍රකාශ කර තිබෙන මුත් චීනය තවමත් සංඛ්‍යාත්මක දත්ත ලබා දී නොමැත. ඉන්දීය හමුදා පවසන්නේ තම සොල්දාදුවන් ගැටුම අතරතුරදී “ඉහළ උන්නතාංශයක උප ශුන්‍ය උෂ්ණත්වයට”(sub-zero temperatures in the high altitude terrain) ද නිරාවරණය වී ඇති බවයි. එය ලඩාක්හි ගැල්වාන් නිම්නයේ සාමාන්‍ය දේශගුණික තත්වයයි.
කෙසේ මුත් රටවල් දෙකම තවමත් එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටින අතර එක්සත් ජාතින් විසින් දෙපිරිසටම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු කියා සිටියේ ඔවුන් තත්වය සමීපව අධීක්ෂණය කරමින් සිටින බවත් සාමකාමී යෝජනාවකට එක්සත් ජනපදය සහාය දෙන බවත් ය.