Facebook අධිපති මාර්ක් සකර්බර්ග් පවසන පරිදි 2020 ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණය ආසන්න කාල වකවානුව වන විට පරිශීලකයන්ට මැතිවරණ වෙළඳ දැන්වීම් අක්‍රිය කිරීමේ පහසුකම ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. USA Today පුවත්පත සඳහා ලියන ලද ලිපියක ඔහු කියා සිටින්නේ ඇමරිකානුවන් මිලියන 4 ක් නව චන්දදයකයින් ලෙස මෙම වසරේ ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ව්‍යාජ දේශපාල තොරතුරු සහිත වෙළඳ දැන්වීම් නිසා Facebook දැඩි විවේචනයකට ලක්ව ඇති බවයි. Twitter ද පසුගිය ඔක්තෝබර් මාසයේදී දේශපාලන වෙළඳ දැන්වීම් තහනම් කර තිබෙනවා.
Facebook හා ඊට අනුබද්ධිත Instagram හිද දේශපාලන දැන්වීම් පල වූ විට ඒවා අක්‍රිය කිරීමේ පහසුකම මෙහිදී හිමි වනවා. මෙලෙස දේශපාලන දැන්වීම් අවහිර කර ඇති පරිශීලකයින්ට දිගින් දිගටම පෙනී සිටියහොත් ඒවා වාර්තා (report) කිරීමටද මෙහිදී අවස්ථාව හිමි වේ. අද දින සිට මෙම පහසුකම ඇමරිකා එක්සත් ජනපදයේ පරිශීලකයින්ට ලබා දීම ආරම්භ කරන අතර ඉදිරි සති කිහිපය තුළ මෙම අංගය සියලුම එක්සත් ජනපද පරිශීලකයින්ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අනෙකුත් රටවලටද මෙම පහසුකම මෙම වසර අග භාගයේ දී හිමි වනු ඇති.
කෙසේ නමුත් සමාජ මාධ්‍ය දේශපාලනීකරණයට ලක් වෙමින් පවතින අවස්ථාවේ මෙවන් ක්‍රියාමාර්ගයක් ගැනීම සමාජ මාධ්‍ය හදුන්වා දුන් අරමුණු ඉවත නොයාම සඳහා මහගු පිටුවහලක් වනු ඇත.