News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

අගමැති සමග වතු සංගම් වැටුප් ගැන සාකච්ඡාවක්

687 Views


අගමැති සමග වතු සංගම් වැටුප් ගැන සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (17) පස්වරුවේ අරලියගහ මන්දීරයේ පැවැති මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු වතු සේවක වෘත්තිය සමිති කිහිපයක් සහ වතු හාම්පුතුන් එක්ව සිටියේය.

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී තවත් සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික එම්.රාමේෂ්වරන් මහතා සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ද එක්ව තිබේ.

ලබන 25 වන දින මෙහි තවත් සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post