Huawei ජාතික ආරක්ෂාවට අභියෝග කරන අතර පිළිගත නොහැකි ක්‍රියාවන්හි නිරත වී ඇති බව ගූගල් සමාගමේ හිටපු අධිපති Eric Schmidt පවසනවා. ඔහු මෙසේ කියා සිටියේ බීබීසී පුවත් සේවය හා කල සාකච්චාවකදීය. එහෙත් ඔහු පවසන්නේ බටහිර රටවල් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ චීනය හා එහි තාක්ෂණයන් සමඟ තරඟ කිරීමෙන් බවයි. Eric Schmidt මහතා වර්තමානයේ පෙන්ටගනයේ ආරක්ෂක නවෝත්පාදන මණ්ඩලයේ සභාපතිත්වය දරයි. චීන සමාගම බැහැර කිරීම සඳහා වැඩිවෙමින් පවතින පීඩනය මධ්‍යයේ එක්සත් රාජධානිය සිය 5G ජංගම දුරකථන ජාලයන් ගොඩනැගීමට Huawei සමාගමට දිගටම ඉඩ දිය යුතුද යන්න පිළිබඳව ද මේ වන විට සමාලෝචනය කරමින් පවතී.
කෙසේ නමුත් චීන රාජ්‍යයේ හස්තයක් බව සිදුවන ප්‍රකාශ හා පාරිභෝගික දත්ත බලධාරීන්ට ලබා දෙන බවට එල්ල වන චෝදනා Huawei සමාගම නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. “එය හුදෙක් සත්‍යයක් නොවේ” Huawei හි එක්සත් රාජධානියේ ප්‍රධානී Victor Zhang බීබීසීයට පවසා තිබේ. එමෙන්ම ඔහු මෙසේද පවසා ඇත. “Huawei යනු පෞද්ගලික සමාගමක් වන අතර එය 100% ක් එහි සේවකයින් සතුය. Huawei චීන රජය ඇතුළු ඕනෑම රජයකින් ස්වාධීන වේ.”
කෙසේ නමුත් Schmidt මහතා පවසා සිටින්නේ චීනය බටහිර රටවල් හා තිබෙන තාක්ෂණික පරතරය සීඝ්‍ර ලෙස කෙටි කරමින් රටේ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වන ලකුණු පහලව ඇති බවයි.