News Line| Off Air
Generic placeholder image

Jun
18

කොරෝනා වයිරසයට එරෙහි හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් (Hydroxychloroquine) පරීක්ෂණය නතර කරයි

725 Views


කොරෝනා වයිරසයට එරෙහි හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් (Hydroxychloroquine) පරීක්ෂණය නතර කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති පරිදි COVID-19 රෝගීන් සඳහා බහු රටවල කෙරෙන මැලේරියා ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිතයෙන් කෙරෙන පරීක්ෂණ නවතා තිබේ. එසේ සිදුකර ඇත්තේ නවතම දත්ත හා වාර්තා වලට අනුව කිසිදු ප්‍රථිපලයක් නොලැබී යාම හේතුවෙනි.

New England Journal of Medicine වාර්තා කරන අන්දමට COVID-19 රෝගීන්ගේ ජානමය විශ්ලේෂණයකින් කියැවෙන්නේ යමෙකුට දරුණු රෝගයක් වැළඳී ඇත්නම් රුධිර ගණයට ඒ සඳහා බලපෑම් කළ හැකි බවයි. යුරෝපයේ රෝගීන් දහස් ගණනකගේ ජාන සංසන්දනය කළ විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ A රුධිර ගණය ඇති අයට රෝගය දරුණු ලෙස වැළඳීමේ අවදානම වැඩි බවත් O රුධිර ගණය ඇති පුද්ගලයින් අඩු අවදානම් බවත්ය.

ලොව පුරා මිලියන 8.3 කට වැඩි පිරිසකට නව COVID-19 වෛරසය ඇති බව තහවුරු වී තිබේ. Johns Hopkins විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව මිලියන 4 කට වැඩි පිරිසක් සුවය ලබා ඇති අතර 447,000 ක් මියගොස් තිබේ. එක්සත් ජනපදයේ වැඩිපුරම රෝගීන් හා මරණ ඇති අතර බ්‍රසීලය ඊට පසුපසින් සිටී.


News Articles
Latest Videos
Most Popular Post