News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

චීනයේ ඉඩම් හිමිකම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

1015 Views


චීනයේ ඉඩම් හිමිකම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ඉකුත් සදුදා ඉන්දියාව හා චීනය මතභේදාත්මක හිමාලයානු දේශ සිමා ප්‍රදේශයේදී ඇති වූ ගැටුම පිලිබදව දෙපාර්ශයම එකිනෙකාට චෝදනා කරගනු ලබනවා.

ඒ අනුව අසල්වැසි රාජ්‍ය දෙක අතර ඇති වූ ගැටුම ගැලවන් ගංගා නිම්නයේ හිමිකාරිත්වය පිලිබදව චීනය විසින් කරනු ලබන ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දියාව විදේශ අමාත්‍යංශය සදහන් කලේ ගැල්වන් ගංගා නිම්නය පිලිබදව චීන ප්‍රකශ අතිශයෝක්ති සහගත් බවත් එය පිළිගත නොහැකි බවත්ය.

මෙම ගැටුමෙන් ඉන්දීය සෙබළු 20 දනකු ජිවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කල අතර චීනය විසින් තවමත් සිදු වූ ජිවිත හානිය පිලිබදව කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ඉන්දීය මාධ්‍ය තහවුරු නොකළ වාර්තා පවසන්නේ අවම වශයෙන් චීන සෙබළුන් 40 ක් පමණ මේ ගැටුමෙන් මිය යන්නට ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post