උතුරු අයර්ලන්ත සාම ක්‍රියාවලියට ප්‍රධාන භූමිකාවක් ඉටු කළ එක්සත් ජනපද තානාපති ජීන් කෙනඩි ස්මිත් අද දින මියගොස් තිබෙනවා. මිය යන විටදී ඇයට වයස අවුරුදු 92 බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටිනවා.
ඇය එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති John F Kennedy සහ සෙනෙට් සභික Robert F Kennedy ඇතුලු කෙනඩි පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනාගේ දෙවන බාල සහෝදරිය වනවා. රාජ්‍ය තාන්ත්‍රික, ක්‍රියාකාරිනියක සහ මානුෂීය නිලධාරිනියක වන ස්මිත් මහත්මිය Joseph P Kennedy සහ Rose Fitzgerald ගේ අවසාන දරුවා වනවා. 1928 පෙබරවාරි 20 වන දින මැසචුසෙට්ස් හි බොස්ටන් හි උපත ලැබූ ස්මිත් මහත්මිය මෑන්හැටන්විල් විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන ලදී.
ස්මිත් මහත්මිය 1990 ගණන්වල අයර්ලන්තයේ එක්සත් ජනපද තානාපති ලෙස සේවය කළ අතර උතුරු අයර්ලන්තයේ නිකායවාදී ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ උත්සාහයන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කළාය. 2011 වසරේ දී එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, ස්මිත් මහත්මියට ජනාධිපති පදක්කම පිරිනැමූ අතර එය රටේ ඉහළම සිවිල් ගෞරවය වනවා. ස්මිත් මහත්මිය දේශපාලනයට පිවිසෙන තෙක් නිහඬ ජීවිතයක් ගත කළාය. පරාර්ථකාමී වැඩ කරමින් ඇයගේ කීර්තිමත් පවුලේ නම ආරක්ෂා කළාය. ඇයගේ පළමු දේශපාලනයේ පියවර ලෙස 1960 දී ජනාධිපති ධුරය සඳහා තරඟ වදින ඇගේ සහෝදර ජෝන් එෆ් කෙනඩිට සහය පළ කරමින් රට පුරා ගිය මැතිවරණ ව්‍යාපාරය හඳුනා ගත හැක. එහෙත් 1993 දී ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් ස්මිත් මහත්මිය ඩබ්ලින්හි තානාපතිනිය ලෙස නම් කරන ලද අතර ඇය පෙරටුගාමී දේශපාලනයට යොමු වනවා. 1994 දී එක්සත් ජනපදයට යාමට හැකිවන පරිදි සින් ෆින් ජනාධිපති ජෙරී ඇඩම්ස් වෙත වීසා බලපත්‍රයක් ලබා දෙන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ඇය සිය පාලන කාලය තුළ දැඩි විවේචන එල්ල කළාය.
උතුරු අයර්ලන්තයේ දශක ගණනාවක නිකායවාදී ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ වැදගත් පියවරක් ලෙස අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව (IRA) සාකච්ඡා මේසයට ගෙන ඒමේදී ස්මිත් මහත්මියගේ විශාල කාර්යභාරයක් ඉටු කාලය. ඇය 2016 දී “අප නව දෙනා” (“The Nine of Us”) නමින් සංදේශයක් ප්‍රකාශයට පත් කළ අතර එහි සඳහන් වූයේ ඇගේ ළමා කාලය “සුවිශේෂී” නොවන බවයි. “මම හැදී වැඩුණේ එක්සත් ජනපදයේ ජනාධිපති ඇතුළු අපේ ජාතියේ ඉහළම තනතුරු දරන සහෝදරයන් සමඟ බව මට හොඳින් වටහා ගැනීම දුෂ්කර ය” ඇය ජෝන් සහ රොබට් ගැන සඳහන් කරමින් එහි කියා තිබුනේ එසේයි. 1956 දී ජීන් කෙනඩි සිය සීයා විසින් ආරම්භ කරන ලද ප්‍රවාහන සමාගමක විධායක නිලධාරියෙකු වන ස්ටීවන් ඊ ස්මිත් සමඟ විවාහ වුවාය. කෙනඩි පවුලට උපදෙස් දුන් සහ ඔවුන්ගේ ධනය අධීක්ෂණය කළ නිව්යෝර්ක්හි මූල්‍යකරුවෙකු වන ස්මිත් මහතා 1990 දී මිය ගියේය.මෙම යුවළට ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන කිම් සහ ඇමෙන්ඩා, පුතුන් දෙදෙනා වන ස්ටීවන් ජේආර් සහ විලියම් සමග සහ මුණුබුරන් හය දෙනෙක් ද හිමි වනවා.