කොරෝනා වයිරසය වැළඳීමෙන් වෛද්‍යවරුන් 489 ක් පමණ රුසියාවේදී මියගොස් ඇති බව එරට සෞඛ්‍ය නිරීක්ෂණ කණ්ඩායම වන Roszdravnadzor පවසා සිටිනවා. නවතම සංඛ්‍යාව පසුගිය මාසයේ වාර්තා වූ 101 ට වඩා තියුණු වැඩිවීමක් පෙන්නුම් කරනවා. රොස්ඩ්‍රාව්නාඩ්සෝර් ප්‍රධානී Alla Samoilova පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සැපයීමේ ගැටළු ඊට හේතු වී ඇති බවයි. එමෙන්ම ආරම්භයේ පටන්ම ගැටළු සහ අඩු පාඩු තිබු බවද ඇය පවසා සිටියා.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ 7,790 ක් ඇතුළුව රෝගීන් 561,000 කට වැඩි සංඛ්‍යාවක් රුසියාවේ සිටින අතර, ගෝලීය වශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන රටවල් අතරින් තුන්වන ස්ථානයේ රුසියාව සිටිනවා. එහි නිල මරණ සංඛ්‍යාව මේ වන විට 7,760 කි.