මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා ජිවිත දහස් ගණනක් බිළිගෙන හමාරය. එසේම ලොවම බියගන්වමින් පවත්නා මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ තවත් අවධානමක් ගැන චීනයේ Yangzhou සරසවියේ සිදුකල නවතම ප්ර්යේෂන්යකින් තහවුරු වී තිබෙනවා.
ඒ මෙම වෛරසය වැසිකිලි හරහාද මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇති බවට අනතුරු අගවමින්. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ නොනැසී පවත්නා මෙම වෛරසය මිනිස් මල මුත්‍ර මගින් පිටවන විට එය වැසිකිලි තුල පවතින බවට චීනයේ පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව කාර්යාල තුල මෙන්ම පොදු වැසිකිලි භාවිතයේදී මේ පිලිබදව වඩාත් අවධානයෙන් පසු විය යුතු බවට විශේලේෂකයින් වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.