News Line| Off Air
Generic placeholder image

Jun
18

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

668 Views


ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය  12ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (18) උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ. ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.

කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.


News Articles
Latest Videos
Most Popular Post