News Line| Off Air
Generic placeholder image

Jun
19

ඔස්ට්‍රේලියාවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් – චීනයට චෝදනා

820 Views


ඔස්ට්‍රේලියාවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් –  චීනයට චෝදනා

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු මුලික කර ගනිමින් ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව අගමැතිවරයා සදහන් කරනවා.

අගමැති මොරිසන් වැඩි දුරටත් සදහන් කරන්නේ විදේශ රටක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවත් එවැනි ක්‍රියාවක් සිදු කිරීමට හැක්කේ ලොව රටවල් කිහිපයකට පමණක් බවයි.

මෙම සයිබර් ප්‍රහාරය හෙළ දකිමින් එරට විචාරකයින් සදහන් පවසන්නේ ඔස්ට්‍රේලියානු රජයේ පරිපාලනය අකර්මන්‍ය කිරීම මෙම සයිබර් ප්‍රහාරයේ මුලික අරමුණ වන්නට වී ඇති බවයි. මෙම සයිබර් ප්‍රහාර එල්ල වීම පිලිබදව චීනයට චෝදනා එල්ල වී තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එරට ප්‍රතිපත්ති උපාය මාර්ගික අධ්‍යක්ෂ වරයා සදහන් කරන්නේ මෙම සයිබර් ප්‍රහාරය චීනයෙන් එල්ල වී ඇති බව තමාට විශ්වාස බවයි. කෙසේ වෙතත් මිට පෙරද කොරෝනා වෛරසය පිලිබදව ඔස්ට්‍රේලියාව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාර දක්වා තිබුනේ අපනයනය කරනු ලබන භාණ්ඩ සදහා අධික බද්දක් පැනවීමට කටයුතු කිරීමෙනි.


News Articles
Latest Videos
Most Popular Post