News Line| Off Air
Generic placeholder image

Jun
19

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය

732 Views


පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි නාහිමි පැවසුවේ සුරක්ෂිත රටක්, නීතිගරුක සහ විනයගරුක සමාජයක් උදෙසා හා පුරාවිද්‍යා ස්ථාන සුරැකීමට කාර්ය සාධක බලකා දෙකක් පත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝ රත්නයේ ප්‍රශංසාව පළ කරන බවය.

මේ අතර ඉරිදා දිනවල පෙරවරු 06.00 සිට පස්වරු 02.00 දක්වා හා පොහොය දිනයන්හි උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් නතර කර ආගමික පසුබිම කෙරෙහි දරුවන් යොමු කිරීමේ වැදගත්කම මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබේ.

පස්වරු 05.00 න් පසුව උපකාරක පන්ති පැවැත්වීම නතර කර දෙමාපියන් ඇසුරෙහි දරුවන් රඳවා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බවට ද මහා සංඝරත්නය මෙහිදී සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post