කරුණා අම්මාන් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වී සමයේදී සිදු කල බව කියන අපරාධය පිලිබදව පසුගියදා ඔහු විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් පිළිබදව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිගෙන් CID යට නියෝග කර තිබෙනවා.
ඔහු පසුගියදා අම්පාර ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සදහන් කර තිබුනේ තමන් කොරෝනා වෛරසයට වඩා භායනක පුද්ගලයෙකු බවත් තමන්
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ දී යුධ හමුදා කඳවුරට සිදුකළ ප්‍රහාරයන් එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000-3000ක් අතර පිරිසක් මරා දැමු බවත් ඊට සාපේක්ෂව මෙරට කොරෝනා වෛරසයෙන් මිය ගොස් ඇත්තේ ස්වල්පය දෙනෙක් බවයි ඔහු එම ජන හමුවට සහභාගී වෙමින් සදහන් කර තිබෙන්නේ.