දේශසීමා වැසීම සහ සංචාරකයින්ගේ අනිවාර්ය නිරෝධායනය ඇතුළු ඉක්මන් වසා දැමීමේ පියවර නිසා ඕස්ට්‍රේලියාවේ වෛරස බිය අඩු වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ වාර්තා වී ඇත්තේ රෝගීන් 7,400 කට වඩා වැඩි සංඛ්‍යාවක් වන අතර එය ලොව බොහෝ රටවලට වඩා බෙහෙවින් අඩු ය. එරට මරණ 102 ක් වාර්තා වූ අතර අවසන් වරට සිදුවී ඇත්තේ මසකට පෙරය.
කොවිඩ් 19 හමුවේ ගෝලීය සාර්ථකත්වයක් පෙන්වූ ඕස්ට්‍රේලියාවතත්වය සාමාන්‍ය වීමත් සමග මැයි මාසයේ සිට රට අගුළු දැමීමේ සීමාවන් පියවරෙන් පියවර ලිහිල් කර තිබෙනවා. නමුත් පසුගිය සතියේ වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩි වශයෙන් අගනුවර වන මෙල්බර්න් හි රෝගීන් වැඩි වී තිබෙන අතර ජුනි 13 වන දින ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය Brendan Murphy සඳහන් කළේ ප්‍රජා සම්ප්‍රේෂණය පැවතියේ දෙවන වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් බවයි. රටේ බොහෝ ප්‍රදේශවල වෛරසය සාර්ථකව තුරන්ව ගොස් තිබෙන අතර වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වන සිඩ්නි ඇතුළු නිව් සවුත් වේල්ස් සති කිහිපයකින් දේශීය සම්ප්‍රේෂණයක් වාර්තා නොකර බවත් ඔහු පවසා සිටියා.
නමුත් වික්ටෝරියාහි තත්වය වඩාත් නරක අතට හැරී ඇති අතර පසුගිය සතියේ සෑම දිනකම සාමාන්‍යයෙන් නව ආසාදන 18 ක් වාර්තා වී තිබෙනවා.