චීනය සිය BeiDou-3 සංචාලන (navigation) පද්ධතියේ අවසාන චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර ඇති අතර ප්‍රධාන අභ්‍යවකාශ බලයක් ලෙස රට තවදුරටත් ඉදිරියට ගෙන යයි. අඟහරුවාදා දියත් කිරීම චීනයට තවදුරටත් එක්සත් ජනපද රජය සතු ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS) මත විශ්වාසය තැබීමට ඉඩ නොදෙනු ඇත.
ඩොලර් බිලියන 10 වටිනා මෙම ජාලය චන්ද්‍රිකා 35 කින් සමන්විත වන අතර ගෝලීය සංචාලන (navigation) ආවරණයක් සපයයි. දියත් කිරීම පසුගිය සතියේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් පූර්ව දියත් කිරීමේ පරීක්ෂණ වලදී රොකට්ටුවේ තාක්ෂණික ගැටළු ඇතිවීම ප්‍රමාදයට හේතු වී තිබෙනවා.
මෙම චන්ද්‍රිකා ජාලය බීඩෝ නාවික චන්ද්‍රිකා පද්ධතියේ (BDS) තෙවන අනුවාදය, රුසියාවේ ග්ලෝනාස් සහ යුරෝපීය ගැලීලියෝ පද්ධති මෙන්ම ඇමරිකාවේ GPS සඳහා ද විකල්පයක් වනවා. 2035 වන විට අන්තර්ජාලය හරහා වඩාත් ප්‍රවේශ විය හැකි හා ඒකාබද්ධ වූ පද්ධතියකට සහය දැක්වීමට මෙය බලාපොරොත්තු වනවා.
පසුගිය වසර 20 තුළ චීනයේ අභ්‍යවකාශ වැඩසටහන සීග්‍ර ලෙස වර්ධනය වී ඇති අතර බීජිනය රටේ අධි තාක්‍ෂණික පද්ධති සංවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු අරමුදල් සම්පාදනය කර තිබෙනවා. 2003 දී චීනය තමන්ගේම කාර්ය මණ්ඩල අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කළ තුන්වන රට බවට පත්විය. එතැන් සිට එය පර්යේෂණාත්මක අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකර සඳ වෙත රෝවර 2ක් යවා තිබෙනවා.
ස්ථීර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සඳහා සූදානම් වීම, චන්ද්‍රයා වෙත කාර්ය මණ්ඩලයක් පියාසර කිරීම සහ අඟහරු වෙත කක්ෂයක් සහ රෝවරයක් යැවීමේ පළමු උත්සාහය ලෙස මෙම පියවරයන් දැකිය හැකිය.