News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

දකුණු කොරියාවටත් කොරෝනා දෙවන රැල්ලක්

1128 Views


දකුණු කොරියාවටත් කොරෝනා දෙවන රැල්ලක්

මාරාන්තික කොරෝනා වෛරසයේ දෙවන රැල්ලට මුහුණ දෙමින් සිටින රටවල් අතරට දකුණු කොරියාවද එකතු වී තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය නියුන්ග්- හු ප්‍රකාශ කරන්නේ තම රට මේ වන විට කොරෝනා දෙවන රැල්ලට මුහුණ දෙමින් සිටින බවත් එය ඉතා අවධානම් තත්වයක් බවයත්ය. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,438ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 280ක්.

මේ වන විට විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 90 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන සිටින බවත් විශේෂයෙන්ම විදෙස් රටවලින් පැමිණෙන රෝගීන් නිරෝධායනය කිරීම හා සම්බන්ද ක්‍රියාවේදී රටේ සෞඛ්‍ය අංශ බරපතල තත්වයකට මුහුණ දෙමින් සිටින බවයි බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post