මෙවර මහ මැතිවරණයේදී හඳුනා ගත් ඡන්ද මධ්‍යස්ථාන සඳහා අතිරේක පොලිස් නිලධාරියෙකු අනියුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.පොලීසිය පැවසුවේ සමාන්‍ය මැතිවරණයකදී අනියුක්ත කෙරෙන නිලධාරීන් දෙදෙනාට අමතරව එලෙස නිලධාරියෙකු අනුයුක්ත කෙරෙන බවයි.
ඊට අදාළ අධ්‍යනයන් මේ වනවිට සිදුවන බව ද පොලීසිය ප්‍රකාශ කළා.
පොලීසිය සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව පෙර මැතිවරණයන්ට සාපේක්ෂව ජංගම මුර සංචාර සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගන්නා බවයි.
මේ අතර අපේක්ෂකයින් සහ පක්ෂ විසින් මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් වන උපදෙස් එලෙසම පවත්වාගෙන යාම අනිවාර්ය බව පොලීසිය පවසයි.
මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා සඳහන් කළේ, ජාතික මැතිවරණ කොමිසම නිකුත් කර ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවා ද යන්න නිරන්තරයෙන් සොයා බලන බවයි.
එම උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන අපේක්ෂයින් හෝ පක්ෂ වේ නම් නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇතැයි ද ඔහු පැවසුවා.