බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රිය පට්ටිපොල සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනිමට ලක් වී ඇතැයි මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පවසනවා.
දිනපතා උදැසන 10.15 ට බදුල්ල සිට ගමන් ආරම්භ කරන 1008 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය අද(23) පස්වරු 1.30 ට පමණ පීලි පැනිමට ලක් වී ඇත
පීලි පැනිමට ලක් වු නැරඹුම් මැදිරිය සෙසු දුම්රිය මැදිරිවලින් ගලවා ඉවත් කර නැරඹුම් මැදිරියේ සිටි මගීන්ව සෙසු දුම්රිය මැදිරිවලට නංවා දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට කටයුතු කරන බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා සඳහන් කරයි.
පීලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලි ගත කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන මගි ප්‍රවාහන දුම්රියන් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබෙනවා.