News Line| Off Air
Generic placeholder image

Jun
24

අගරදගුරු හිමියන් ගැන තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ – හරීන්ගෙන් ප්‍රකාශයක්

586 Views


අගරදගුරු හිමියන් ගැන තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ – හරීන්ගෙන් ප්‍රකාශයක්

කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොකරන බව හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

සත්‍ය ප්‍රකාශ කිරිමට කිසිවිටෙකත් බිය විය යුතු නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

මෙ සම්බන්ධයෙන් අදහස් දැක්වු නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ, හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රිවරයා කාදිනල් හිමිපාණන් පිළිබද සිදුකළ ප්‍රකාශය පිළිකුළෙන් යුතුව හෙළාදකින බවයි.

කෙසේ වෙතත් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් සිදුකළ ප්‍රකාශ පක්ෂග්‍රාහි නොවන අතර පැවති රජය ප්‍රහාරයට වගකිව යුතුබවයි.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ සමීපතමයින් සමගිජන බලවේගයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහා මැතිවරණය සදහා තරග කරන බව හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පෙන්වා දෙයි.

මේ අතර, පසුගිය කාලයේ මංගල සමරවීර මහතා පුජ්‍ය පක්ෂය වෙත සිදුකළ අපහසාත්මක ප්‍රකාශ හරින් ප්‍රනාන්දු මහතා මේවන විට කාදිනල්තුමන් වෙත සිදුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සදහන් කරයි.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සහ අගරදගුරු හිමියන් සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පවසනවා. බදුල්ලේ ඊයේ (23) පස්වරුවේ පැවති ජනහමුවකදී ඔහු මෙම අදහස් පළකළා.


News Articles
Latest Videos
Most Popular Post