News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

වගකීම් විරහිතව හැසිරෙන්න එපා, මුඛ ආවරණ පළඳින්න – බ්‍රසීලයේ විනිසුරුවරයකුගෙන් එරට ජනාධිපතිට නියෝග

474 Views


වගකීම් විරහිතව හැසිරෙන්න එපා,   මුඛ ආවරණ පළඳින්න – බ්‍රසීලයේ විනිසුරුවරයකුගෙන්  එරට ජනාධිපතිට නියෝග

බ්‍රසීලයේ ෆෙඩරල් විනිසුරුවරයකු වන විනිසුරු හෙනාටෝ කොඑලෝ බොරෙලි විසින් එරට ජනපතිවරයාට පොදු ස්ථානවල දී මුඛ ආවරණ පළඳින්නැයි නියෝග කර තිබෙනවා. එම විනිසුරු බ්‍රසීලයේ බ්‍රසිලියා අගනුවර අයත්වන පරිපාලන ප්‍රදේශයේ නීතිරීතිවලට අනුවයි මෙලෙස නියෝග කර ඇත්තේ.

ජාතික ව්‍යවසනයක් ඇති ව තිබෙන මොහොතක ජනාධිපතිවරයා වගකීම් විරහිතව හැසිරීම හෙළ දකිමින් එම විනිසුරුවරයා මෙලෙස නියෝග කර තිබෙන අතර නියෝගය කඩ කරන ඕනෑම අයකුට ඇමෙරිකානු ඩොලර් 390 ගෙවීමට සිදු වන බවද රසීල ෆෙඩරල් දිස්ත්‍රික් අධිකරණය ද සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post