News Line| Off Air
Generic placeholder image

Jun
24

මැතිවරණ පැමිණිලි සඳහා විශේෂ කළමණාකරණ මධ්‍යස්ථානයක්

497 Views


මැතිවරණ පැමිණිලි සඳහා විශේෂ කළමණාකරණ මධ්‍යස්ථානයක්

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සදහා ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා.

මැතිවරණ කාලසීමාව තුළ යම් පක්ෂයක් , කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නිතී විරෝධි කටයුතු සහ අගතියට පත් වන සිදුවිම් පිළිබද මෙම මධ්‍යස්ථානයට පැමිණිලි කළ හැකි බව මැතිවරණ කොමිසම සදහන් කළේය.

ඒ අනුව මැතිවරණ නිතී උල්ළංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි සන්නිවේදන ක්‍රම කිහිපයක් ඔස්සේ යොමු කිරිමට හැකියාව පවතියි.

011 – 288 62 79 , 011 288 64 21, 011 288 61 17 යනදුරකථන අංක වලට පැමිණිලි සම්බන්ධයෙන් දැනුම් දිය හැකියි.

ඊට අමතරව 071 – 9160000 යන දුරකථන අංකයට මහජන පැමිණිලිවට්ස් ඇප් හෝ වයිබර් කිරිමට හැකියාව පවතින බවද මැතිවරණ කොමිසම පැවසීය.

කෙසේවෙතත් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයටඅමතරව දිස්ත්‍රික් මට්ටමින් ද පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව එම කොමිසම වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post