ගූගල් සමාගමේ හිටපු සේවකයෙකු වන අතර වටිනාකම ඩොලර් බිලියන 45.4 ක් වූ වත්කම් වලට ඔහු හිමිකම් කියයි. ඉරිදා ෆෝබ්ස් සඟරාව කියන පරිදි Alibaba හි ජැක් මා ට වඩා ඉදිරියෙන් සිටියත් Tencent හි පොනි මා පසුපසින් ඔහු සිටියි. ඔහු මීට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ සීමාවාසිකයකු ලෙස සේවය කල අතර පසුව ගූගල්හි ඉංජිනේරුවෙකු ලෙස වසර තුනක් සේවය කළේය. ඔහු 2016 වසරේ ඔහුගේ බ්ලොග් අඩවියේ “මේ අවුරුදු තුන මට ඇදහිය නොහැකි තරම් වටිනවා” යනුවෙන් සටහන් තබා තිබු අතර “ගූගල් මට දායකත්වයට වඩා බොහෝ දේ ලබා දුන්නා” යනුවෙන් පවසා සිටියේය. ෆෝබ්ස් සඟරාවට අනුව, Pinduoduo ගේ පහත වැටීම නිසා ජැක් මා ට දෙවන ස්ථානය ලබා දී තිබෙනවා.
Colin Huang 2015 දී පින්දුඩෝව ආරම්භ කළේය.කෝවිඩ් 19 වසංගතය අතරතුර කාලයේ සමාගම චීනයේ විශේෂයෙන් ජනප්‍රිය වූ අතර ඇණවුම් දිනකට මිලියන 50 සිට මිලියන 65 දක්වා වැඩි විය. එහි නව අංග අතර කණ්ඩායම් මිලදී ගැනීම ඇතුළත් වන අතර එහිදී පාරිභෝගිකයින් අඩු මිලට වැඩි ඒකක ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකි විය. ගනුදෙනුකරුවන්ට වෙබ් අඩවියේ ක්‍රීඩා කිරීමට ද හැකි අතර සමහර විට නොමිලේ තෑගි ද ලැබෙනවා.
2016 වසරේ ඔහු තම බ්ලොග් අඩවියේ සටහන් තැබුවේ සමහර මුල් ගූගල් සේවකයින් ඉක්මනින් ධනවත් වීම නිසා අහිතකර එය ලෙස බලපා ඇති බවයි. “ඔවුන්ට හදිසියේම ඕනෑවට වඩා මුදල් ලැබුණා, වැඩ කිරීමට දිරිගැන්වීම් අහිමි වූ අතර විනෝදය සහ නව වෘත්තීන් සොයා ගැනීමට පටන් ගත්තා” ඔහු කියා තිබුනේ එසේයි. “වසර ගණනාවක් ගෙවී ගිය අතර, ඔවුන් වෙනත් සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබූ ඔවුන්ගේ වටිනා කාලය නාස්ති කළහ”
ලොව ධනවත්ම තාක්‍ෂණ ප්‍රකෝටිපතියා වන Jeff Bezos වෙත ලඟා වීමට Colin Huang ට තවමත් අවස්ථාව තිබේ. ෆෝබ්ස් සඟරාව දැනට ඇස්තමේන්තු කර ඇත්තේ ඇමසන් නිර්මාතෘගේ වටිනාකම ඩොලර් බිලියන 162.2 ක් ලෙසයි.


