News Line| Off Air
Generic placeholder image

Jun
24

පාඨලීට එරෙහිව අධිචෝදනා

598 Views


පාඨලීට එරෙහිව අධිචෝදනා

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා..

මෙම පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇති අතර පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවට දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශනය ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද පොලීසිය විසින් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල එරෙහිව වෙන් වෙන්ව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව පැමිණිල්ල සැප්තැම්බර් මස 02 වන දා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්ථා කර ලෙසද රජය නියෝජ සොලිසිටර් ජනරාල් වරයාට නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post