මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ඇමෙරිකාව තුල ඊයේ දිනය තුල පමණක් නව ආසාදිතයින් 34, 700 ක් වාර්තා වී තිබෙනවා. ඒ ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව එක් දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස සදහන් වෙනවා.
මේ අතර මේ වන විට එරට කොරෝනා අසාදනයෙන් මිය යන සංඛ්‍යාව ද ඉහල ගොස් තිබෙනවා. වයිරසයේ ව්‍යාප්තිය උච්ඡතම අවස්ථාවට පැමිණි කාලයේදී ද මෙලෙස අසදනයේ බලපෑම වැඩිම ආකාරයෙන් පෙන්නුම් කල අතර එරට පරිපාලකයන් සහ සෞඛ්‍ය විශේෂඥයන් සදහන් කරන්නේ මෙලෙස ආසාදිතයින් වැඩි වීම නොසලකා හරිම ඉදිරියේදී රටේ දැඩි ව්‍යසනකාරී තත්වයක් ඇති විමට හේතු වන බවයි.