News Line| Off Air
Generic placeholder image

Jun
25

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද

585 Views


මැතිවරණ කොමිෂන් සභාවේ  විශේෂ රැස්වීමක් අද

මැතිවරණ කොමිෂන් සභාව අද (25) දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන කාලය දීර්ඝ කිරිම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඊට අමතරව ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අද දිනයේ කොමිසම රැස්වී තීරණය කිරිමට නියමිතයි.

මේ අතර පෙරහුරු මැතිවරණ පවත්වා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට පැවැත්විමට අදාළ සැලසුම් මේ වන විට සකස් කර අවසන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඡන්ද පොල මධ්‍යස්ථාන වැඩි කිරිමේ අවස්ථාවක් මේ වන විට නොපවතින බවය.

මේ අතර පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්විමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව අද දිනයේ ගැසට් කිරිමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post