ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාම හේතු කොටගෙන එහි වාසිය මහජනතාවට ලබා දීම අරමුණ කර ගනිමින් රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය ඉවත් කරන ලද බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මේ පිලිබදව අදහස් දක්වෛන් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ මිට පෙර ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල තාවකාලිකව පහල බැස තිබුනද එහිදී ඉන්ධන මිල අඩු කළා නම් ඉතාමත් ඉක්මනින් යලි මිල ඉහළ දැමීමක් සිදු වන බවත් එපමනක් නොව එහි වාසිය වාහන ඇති සීමිත පිරිසකට පමණක් හිමිවන බවද මේ ඉන්ධන අධිභාරය පැනවීම තුළින් ඉන්ධන මිල පහළ යාමේ වාසිය රටට හිමි වූ බවයි පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ වසර අවසානය වන තෙක් කිසිදු අයුරකින් ඉන්ධන මිල වැඩි කිරීමට අදහස් නොකරන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.