News Line| Off Air
Generic placeholder image

Jun
27

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක් වතුර නෑ

616 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ‍(27) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අද රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි.

කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 11 සහ 12 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් ක‍ළේය.


News Articles
Latest Videos
Most Popular Post