ඉදිරි මහ මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු හෙට පක්ෂ නායක ,හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා. මේ අනුව හෙට කොළඹින් ආරම්භ කරන ප්‍රචාරණ කටයුතු දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ටාස මට්ටමින් ජුලි 04 වනදා සිට පක්ෂයේ ප්‍රචාරණ කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බව පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා.
විශේෂයෙන්ම මෙම ප්‍රචාරණ කටයුතු තාක්ෂනය උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.