News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

පළමු අදියර යටතේ හෙට පාසල් විවෘත කෙරේ

684 Views


පළමු අදියර යටතේ හෙට පාසල් විවෘත කෙරේ

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් හෙට (29) සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පාසල් යළි විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළ අතර ඉන් පළමු අදියර ලෙස හෙට සිට විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ ලබා දුන් චක්‍රලේඛය සහ මාර්ගෝපදේශයට අනුව පාසල් විවෘත කිරීම සිදුකරන බවයි එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා කියා සිටිය‌ේ.

පාසල් වෙත ළමුන් ගෙන්වීම ලබන මස 06 වනදා සිට ආරම්භ කිරිමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post