මාතලේ, ලග්ගල, සේර ඇල්ල ආශ්‍රිතව (Pre-Shoot) කිරීමක් අතරතුරදී එම විවාහ අපේක්ෂිත යුවල ඇල්ලට වැටි තිබෙනවා. එහිදී තරුණයා අතුරුදන් වී තිබෙන අතර එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමක්(Pre-Shoot) අතරතුරදී මෙම අනතුර මුහුණ පා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය ද සේර ඇල්ලට වැටී ඇති අතර ඇයව බේරාගෙන ඇති බවයි.