News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

වසා දැමුණු පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා කෞතුගාර අද සිට යළි විවෘත වේ

607 Views


වසා දැමුණු පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා කෞතුගාර අද සිට යළි විවෘත වේ

පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා ස්මාකර මෙන්ම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලු කෞතුකාගාර අද යළි විවෘත කෙරේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග මාස තුනකට අධික කාලයක් පුරා විද්‍යා නැරඹුම් ස්ථාන වසා දමා තිබිණ.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනෝජා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළේ, මේ යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු කෞතුකාගාර 11 ක් යළි විවෘත කෙරෙන බවයි.

සීගිරිය, දඹුල්ල,යාපහුව ඇතුළු සියලු පුරා විද්‍යා නැරඹුම් ස්ථාන ඇතුළු ස්මාරක අද සිට සංචාරකයින් සඳහා විවෘත කෙරෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලට අනුවයි.


News Articles
Latest Videos
Most Popular Post