News Line| Off Air
Generic placeholder image

Jul
2

කොරෝනා ආසාදිතයින් ගණන 2054ක් දක්වා ඉහළට

811 Views


කොරෝනා ආසාදිතයින් ගණන 2054ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 07 දෙනෙකු හඳුනා ගැනිමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (01) දිනය තුළ වාර්තා වූ රෝගීන් 07 දෙනාගෙන් සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එක්සත් රාජධානීයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් රෝගීන් බවට හඳුනා ගෙන තිබේ.

ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 295 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 1748ක් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post