රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ට වසර 2036 දක්වා ධුර කාලයේ රැදී සිටීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන්ට එරට ජනතාවගේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සදහා පැවැති මැතිවරණයේදී ඡන්ද ප්‍රතිඵලවලට අනුව සියයට 77කට ආසන්න ප්‍රතිශතයක් රුසියානු ජනාධිපතිවරයාට පක්ෂව හිමිව ඇති බව සදහන්.