අධික වර්ෂාව හේතුවෙන් උතුරු මියන්මරයේ ජේඩ් පතලක සිදු වූ නාය යෑමකින් පතලේ සේවය කල පුද්ගලයින් 160 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම මෙම පතලේ තව දුරටත් පුද්ගලයින් 200 ක පමණ පිරිසක් සිර වී ඇති බවත් එම පුද්ගලයින් මුදා ගැනීම සදහා එරට ආරක්ෂක අංශ දැඩි උත්සාහයක නිරත වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මෙම අනතුරෙන් 54 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.