News Line| Off Air
Generic placeholder image

Jul
3

(update )මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට එයි

673 Views


(update )මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට එයි

ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු පැවසීය.

මීට පෙර එම ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුට අද (03) නොපැමිණෙන ලෙස දැන්වූ බවය.

2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය” මේ වනවිට පරීක්ෂණයක් පවත්වයි.

එම ඒකකය මේ වනවිට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු ප්‍රධානී අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සංගක්කාර පැය 10කට අසන්න කාලයක් විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ රැඳී සිටියේය.

ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු විශේෂ පොලිස් විමර්ශන ඒකකය පැවසුවේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් ලබා ගැනීමට ජයවර්ධන කැඳවන බවය.

නමුත් එහි ප්‍රකාශකයෙක් පසුව පැවසුවේ අද දින නොපැමිණෙන ලෙස මහේල ජයවර්ධනට දැන්වූ බවය.

විශේෂ පොලිස් විමර්ශන ඒකකයෙන් පිටව යන විට මාධ්‍යට පැවසුවේ ඊයේ (02) රාත්‍රී 11.30ට පමණ තමාට අද දින නොපැමිණෙන ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන බවත් දැන් වූ බවය.

හිටපු අමාත්‍යවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා සම්පූර්ණ සහයෝගය දෙන බවද ජයවර්ධන පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post