News Line| Off Air
Generic placeholder image

Jul
3

ජනපති මැතිවරණ සටන අරඹයි

855 Views


ජනපති මැතිවරණ සටන අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (3) ආරම්භ කෙරුණි.

එහි පළමු වැඩසටහන පැවැත්වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි.

මෙම වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවඳින අනුරාධපුර දිස්ත්‍රික්යේ සියලු අපේක්ෂකයින් මුණගැසීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රථමයෙන් අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා මුණගැසුණි.

ඒ තලාව ඊරියගම වැව අසල තම්මැන්නාව නිදහස් උයනේදියි.

එම ස්ථානයට රැස්ව සිටි ජනතාවගේ ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළේය.

මෙහිදී තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ප්‍රජාව විසින් කොවිඩ් අරමුදල සඳහා ජනාධිපතිවරයා වෙත මුල්‍ය පරිත්‍යාගයක්ද සිදු කළේය.


News Articles
Latest Videos
Most Popular Post