News Line| Off Air
Generic placeholder image

Jul
3

2011 ලෝක කුසලාන අවසන් තරගය පාවා දුන් බවට සාක්ෂි නෑ – විමර්ශන අවසන්

759 Views


2011 ලෝක කුසලාන අවසන් තරගය පාවා දුන් බවට සාක්ෂි නෑ –  විමර්ශන අවසන්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවා දුන් බවට කෙරුණු ප්‍රකාශයට අදාළ පරීක්ෂණ නතර කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය පිළිබඳ මෙතෙක් සිදු කළ පරීක්ෂණයේ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන බවයි.

අදාළ චෝදනාව කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කළ කරුණු තහවුරු කළ නොහැකි බව ක්‍රීඩකයින් ලබාදුන් ප්‍රකාශ තුළින් තහවුරු වීම පරීක්ෂණය නතර කිරීමට හේතු වූ බව ද අදාළ ඒකකය ප්‍රකාශ කළේ ය.

මීට අදාළව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා , හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර විමර්ශන ඒකකය ප්‍රකාශ ලබා ගත්තේ ය.

අද මහේල ජයවර්ධන ප්‍රකාශ ලබාදීමට නියමිතව තිබුණත් විමර්ශන කොමිසම එම කැඳවීම නතර කළේ ඔවුන්ට වෙනත් කාර්යයක් යෙදී ඇතැයි පවසමින් ය.


News Articles
Latest Videos
Most Popular Post