News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

වනසතුන්ට සිදුවන අනතුරු දැනුම් දෙන්න දුරකථන අංකයක්

910 Views


වනසතුන්ට සිදුවන අනතුරු දැනුම් දෙන්න දුරකථන අංකයක්

වනසතුන් උගුල්වලට හසුවීමේ හා වනසතුන්ට සිදුවන වෙනත් හානි සම්බන්ධයෙන් දුරකථන අංක 1992 වෙත දැනුම්දෙන ලෙස හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය භාරකරු ලෙස කටයුතු කරන පී. එමි. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා පවසනවා.

ඔහු ප්‍රකාශකලේ වන සතුන්ට සිදුව ඇති පීඩාවක් හෝ කරදරයක් ඉක්මනින් දැනුම් දීම මඟින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම පහසු වන බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ උඩරට කැළෑ ආශ්‍රිතව ඇති වතු හිමි වතු අධිකාරීවරුන් මේ පිළිබඳව තමන්ගේ සේවකයන්ව දමිළ භාෂාවෙන් දැනුවත් කළ යුතු බවයි.

මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ වන ජීවී අධ්‍යක්ෂක වරයා වන සතුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහනේ කොටසක් ලෙසයි.  


News Articles
Latest Videos
Most Popular Post