දිස්ත්‍රික්ක 5ක නව විශ්වවිද්‍යාල ඉදිකිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, කළුතර,නුවරඑළිය, මාතලේ, හම්බන්තොට හා මුලතිව් දිස්ත්‍රික්කවල එම විශ්වවිද්‍යාල ඉදිකරන බවයි
ඒවායේ සැලසුම් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 5 ක් පත් කර ඇති බව ඇය පැවසුවා ය.
ඉසෙඩ් ලකුණු පදනම් කර ගනිමින් මෙම විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර නොගන්නා අතර උසස් පෙළ සමතුන්ට ප්‍රවීණතා විභාගයක් පවත්වා එහි ලකුණු මත අතුළත් කිරීම් සිදුකරන බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.
එක් එක් විශ්වවිද්‍යාල සඳහා උපාධි පාඨමාලා හා ඩිප්ලෝමා පාඨමාලා අදාළ දිස්ත්‍රික්කයේ රැකියා වෙළඳපොළ පාදක කර ගනිමින් සකස් කෙරෙනු ඇති.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය පැවසුවේ, ඒවා ඉදි කිරිම සඳහා ඉඩම් පවරා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
මේ වසර අවසන් වීමට පෙර එම විශ්වවිද්‍යාලවල ඉදි කිරිම් ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.