කොරෝනා වෛරසයේ නව ව්‍යාප්ති මට්ටමක් පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු වුයේ පසුගියදා විද්‍යාඥයින් පිරිසක් විසින් වාතය හරහා කොරෝනා සම්ප්‍රේෂණය විය හැකි වැඩි දුර පරික්ෂනයක් අත් හදා බලා එම වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදුන් පසුබිමකයි.
මේ අනුව වාතයේ කුඩා අංශු මගින් වෛරසය තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් මතුව තිබෙන බව පවසන ( WHO ) ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ ගායන පුහුණුවීම් වලදි , අවන්හල් වලදී, ව්‍යායාම් කිරීමේදී ආදී කටයුතු වලදී මෙය සම්ප්‍රේශණය විය හැකි බවයි.
සමස්තයක් ලෙස ගත් කල එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම වෛරසය බෝවන රෝගයක් ලෙස පවතින බවට කරුණු අනාවරණය වී ඇති බවයි.