මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව දෙවන වැඩිම බලපෑමට ලක්ව ඇති රට වශයෙන් පෙරමුණ ගෙන තිබෙන්නේ බ්‍රසීලයයි. මේ වන විට එරට වාර්තා වන මරණ ගණන 70,000කට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
එමෙන්ම ගත වූ පැය 24 කාලය තුල එරටින් හමු වී ඇති නව ආසාදිතයින් 42,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම එරට ජනපති බොල්සොනාරෝ ද කොරෝනා අසාදිත වාර්තා අතරට ඉකුත්දා එක් වුණා.