News Line| Off Air
Generic placeholder image

Jul
11

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම අද සිට

644 Views


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම අද සිට

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම අද සිට ආරම්භ කරනවා.

එය අද, හෙට (12) සහ අනිද්දා (13) යන දිනයන් හී දී සිදු කිරිමට නියමිතයි .

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ජූලි මස 29 වන දිනෙන් අවසන් වන අතර එදිනට පෙර නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන් අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු නිල ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරිම ලබන 14, 15, 16 සහ 17 යන දිනවල දී සිදු කිරිමට නියමිතව තිබේ.

රාජ්‍ය ආයතනවල සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබන 14 සහ 15 යන දින වෙන් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා ලබන 16 සහ 17 යන දෙදින නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම දිනවල දී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා ලබන 20 සහ 21 යන දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සලසා දී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post