News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම ලබන 14 වැනිදා සිට තාවකාලිකව නැවත්වීමට රජය තීරණය කරයි

1006 Views


විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම ලබන 14 වැනිදා සිට තාවකාලිකව නැවත්වීමට රජය තීරණය කරයි

මෙම මස 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

කෙසේවෙතත් හෙට (12) සහ අනිද්දා (13) යන දිනවල මාලදිවයිනේ සහ ජෝර්දානයේ සිට පැමිණීමට නියමිත ශ්‍රී ලාංකිකයින් සුපුරුදු පරිදි ගෙන්වා ගැනීම සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post