News Line| Off Air
Generic placeholder image

Jul
13

ජනපති ට්‍රම්ප් පළමු වරට මුඛ ආවරණයක් පැළදුවේ සිය ආරක්ෂාවටමද?

671 Views


ජනපති ට්‍රම්ප්  පළමු වරට මුඛ ආවරණයක්  පැළදුවේ සිය ආරක්ෂාවටමද?

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පළමු වරට මුඛ ආවරණයක් පැළද සිටි අවස්ථාවක් පිලිබදව එරට මාධ්‍ය දැඩි උනන්දුවකින් වාර්තා කිරීමට ලක් කළා. ඒ ප්‍රතිකාර ලබමින් සිටි උසස් හමුදා නිලධාරීන්ගේ සුව දුක් විමසීම සදහා ඉකුත් දා පැමිණි වොෂින්ටන් හි වෝල්ටන් රීඩ් හමුදා රෝහල වෙත පැමිණි අවස්ථාවේය.

එහිදී ජනපතිවරයා ජනපතිගේ මුද්‍රාව සහිත කළු පැහැති මුහුණු ආවරණයක් පැළද සිටි අතර එම මුහුණු ආවරණය පැලදීම පිලිබදව ජනපති ට්‍රම්ප් මාධ්‍යට පවසා ඇත්තේ තමා කිසිවිටක මුහුණු ආවරණ පැලදීම ප්‍රතික්ෂේප නොකල බවත් කාලය සහ ස්ථානය අනුව සිදු කල යුතු බව පැවසු බවත්ය.

කෙසේ වෙතත් ඇමෙරිකානු විචාරකයින් සදහන් කරන්නේ ජනපතිවරයා මෙලෙස මුහුණු ආවරණය පැළදුවේ සිය ආරක්ෂාවටවත් අන් අයගේ ආරක්ෂා වටවත් නොව ඉදිරි ජනපතිවරණයේ ප්‍රතිවාදී ජෝ බයිඩන් පරාජය කිරීමේ උපක්‍රමයක් ලෙස බවයි.


News Articles
Latest Videos
Most Popular Post