News Line| Off Air
Generic placeholder image

Jul
13

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට ඇරඹේ

495 Views


තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට  ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද ආරම්භ වෙනවා.

ඒ අනුව අද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්යය මණ්ඩලය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කාර්යය මණ්ඩලය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දි අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා දී තිබේ.

සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම, මුඛ ආවරණ පැලදීම සහ දෑත් විෂබීජහරණය කිරීම යනාදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඡන්ද දායකයින් විසින් අනුගමනය කළ යුතුයි.

තවද ඡන්දය සලකුණු කිරීම සදහා නිල් හෝ කළු පෑනක් රැගෙන ඒම සුදුසු වන බව ද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

මීට අමතරව හෙට සිට ලබන 21 වන දින දක්වා සතියේ දින තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 සහ 15 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post